දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයෙකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවති. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරිම , අවංකකම ,ඉවසීම ,කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරගනියි. එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත.
එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම් , ම්ත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත. සාරධර්ම ගොඩනැඟිමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයෙකු , පාසල් ශිෂ්‍යයෙකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහී යන සාරධර්ම නැවත ගොඩනැගීමට දායක විය හැක. සාරධර්ම වලට දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කල සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙන් දහම් පාසල නුත් යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයෙන් ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය. මනුස්සකම් නැත. අනෙකාට වඩා තරඟකාරිත්වය අබ්භවා යෑම අරමුණ වී ඇත. සාරධර්ම පිරිහීමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි.රූපවාහිනියේ විකාශය වෙන මෙගා ටෙලි නාට්‍ය දනාට්‍ය ද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට , පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන් ම රූපවාහිනී තිරය තුලින් වෙනස් වෙනස් සංස්කෘතීන් නිරූපණය කිරීමේ දී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අපි සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්ම වලට අනුකූලවය.
කොරෝනා වසංගතය හමුවේ ළමා හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථන හරහා අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සිදු කළේය. මෙහිදී සිදුවන්නේ සමාජයෙන් පවුලෙන් දරුවා, තරුණයන් දුරස් කිරීමයි. සාරධර්ම පිරිහීමට මෙයද හේතුවක් වේ. රටක් ජාතියක් ආගමක් ලෙස සාරධර්ම නැවත ගොඩනගා ගැනීමට අප එකතු විය යුතුය. වර්තමානයේ වැඩිහිටි නිවාස ඉඳිවිමටත් , සිරගෙවල්වල වැරදිකරුවන් වැඩි වීමට වැඩිවීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම ඇබ්බැහිවීම සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි. අනිකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය. අද සිට වැඩිහිටියන්ට තුළදී නමස්කාර පවුලේ සමාජයෙන් නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වය වඩවා ගන්න උත්සාහ ගනිමු. පුද්ගලයෙක් සාරධර්ම , උගත්කමින් පරිපූර්ණ වූ කළ ඉතා වටිනාකමක් ඇත්තේය. හැටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජීවත්වන මිනිසුන්ගේ හැදියාව, සාරධර්ම ද ඉවහල් වනු ඇත.
පී.ජී.එම්.දිලංකා විජේරත්න.