Monday, 3 May 2021

සාරධර්ම සුරකිමු


         

       දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම  කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයෙකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවති. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරිම , අවංකකම ,ඉවසීම ,කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරගනියි. එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත. 

               එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම් , ම්ත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත. සාරධර්ම ගොඩනැඟිමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයෙකු , පාසල් ශිෂ්‍යයෙකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහී යන සාරධර්ම නැවත ගොඩනැගීමට දායක විය හැක. සාරධර්ම වලට දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කල සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙන් දහම් පාසල නුත් යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයෙන් ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය. මනුස්සකම් නැත. අනෙකාට වඩා තරඟකාරිත්වය අබ්භවා යෑම අරමුණ වී ඇත. සාරධර්ම පිරිහීමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි.රූපවාහිනියේ විකාශය වෙන මෙගා ටෙලි නාට්‍ය දනාට්‍ය ද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට , පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන් ම රූපවාහිනී තිරය තුලින් වෙනස් වෙනස් සංස්කෘතීන් නිරූපණය කිරීමේ දී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අපි සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්ම වලට අනුකූලවය. 

  කොරෝනා වසංගතය හමුවේ ළමා හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථන හරහා අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සිදු කළේය. මෙහිදී සිදුවන්නේ සමාජයෙන් පවුලෙන් දරුවා, තරුණයන් දුරස් කිරීමයි. සාරධර්ම පිරිහීමට මෙයද හේතුවක් වේ.  රටක් ජාතියක් ආගමක් ලෙස සාරධර්ම නැවත ගොඩනගා ගැනීමට අප එකතු විය යුතුය. වර්තමානයේ වැඩිහිටි නිවාස ඉඳිවිමටත් , සිරගෙවල්වල  වැරදිකරුවන් වැඩි වීමට වැඩිවීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම ඇබ්බැහිවීම සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි. අනිකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය. අද සිට වැඩිහිටියන්ට තුළදී නමස්කාර පවුලේ සමාජයෙන් නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වය වඩවා ගන්න උත්සාහ ගනිමු. පුද්ගලයෙක් සාරධර්ම , උගත්කමින් පරිපූර්ණ වූ කළ ඉතා වටිනාකමක් ඇත්තේය. හැටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජීවත්වන  මිනිසුන්ගේ හැදියාව, සාරධර්ම ද ඉවහල් වනු ඇත.

පී.ජී.එම්.දිලංකා විජේරත්න.


Monday, 10 September 2018

නිරෝගිමත් දිවියට පෝෂදායි ආහාර වේලක්.



                        "නිරෝගිකම උතුම්ම ලාභයයි" මිනිස් ජිවිතයට නිරෝගම ඉතා වැදගත්ය. එදිනෙදා ආහාරයට ගන්නා ආහාරවේල සෞඛ්‍ය සම්පන්න  පිරිසිදු ආහාරවේලක් විය යුතුය. අද වන විට වෙළඳ පොලෙන් මිළ දී ගන්නා සෑම එළවළු ,පළතුරු වස විසෙන් මිශ්‍ර වී ඇත. අඩු කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනිමට විවිධ පොහොර ,තෙල් වර්ග භාවිතා කරයි. වගාවන් වල වල් පැළෑටි මර්ධනයට වල් නාශක යොදා ගනියි. කෘමි සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනිමට කෘමිනාශක තෙල් වර්ග යොදා ගනියි. මෙසේ යොදා ගන්නා වස විස එළවළු ,පළතුරු සමග මිශ්‍ර වී පවතියි. එවැනි ආහාර ආහාරවේලට එකතු කර ගැනිමෙන් අයහපත් ප්‍රතිඵල ලබා දෙයි.වර්තමානයේ ගෘහණියන් අඩු කාලයකින් ආහාර සකස ගැනිමට නුඩ්ලස් ,පැස්ටා,මැකරෝනි වැනි ක්ෂනික ආහාර වලට යොමු වි ඇත. යොවුන් වියේ දරුවන් වෙළඳ පොලෙන් බිම වර්ග මිළදී ගැනිමට පෙළඹේ. ඒ බිම වර්ග වර්ණ කාරක සහිත වැඩි කැලරි ප්‍රමාණයක් ඇති අතර ශරිරයට අහිතකර වේ.
                                           වස විස සහිත ආහාර ගැනිමෙන් ශරිර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල උදාකරදෙයි. වකුගඩු රෝග, පිළිකා ආදි රෝගයන්ට ගොදුරු වේ. එමෙන්ම ජිවිත ආයු කාලයද කෙටි වේ. වැඩි කැලරි ප්‍රමාණයක් සහිත බිම වර්ග ,ආහාර මගින් දියවැඩියාව ,ස්ථුලතාව, හෘදයාබාධ හා  අධිරුධිර පිඩනය වැනි රෝගයන්ට ගොදුරු වේ. අදවන විට මහලු පුරවැසියන් සෞඛ්‍ය සම්පන්නව අදටත් ජිවත් වෙයි. නමුත් ළමා ,තරුණ පරපුර ඉක්මනින් රෝගාබාධවලට ගොදුරු වේ. එයට හේතු වන්නේ අතීතයේ දී ආහාරයට ගත් එළවළු ,පළතුරු ආහාර වස විසෙන් තොර විමය. එහෙයින් මහලු පරපුර අදටත් නිරෝගිය. රෝගාබාධයන්ගෙන් තොරව නිරෝගි දිවිපෙවතක් සදහා අප සෑම විටම වස විසෙන් තොර ආහාරවේලක් ලබාගත යුතුය. තමාගේ ගෙවත්තේම වගා කර ගන්නා එළවළු , පළතුරු ආහාරයට එක් කර ගැනිම වැදගත්ය. එවැනි ආහාර වල පෝෂණ ගුණය ඉතා ඉහළ ය. වස විසෙන් තොරය. පිරිසිදු නැවුම් එළවළු ,පළතුරු වලින් ලෙඩරෝග වැලදිමක් නැත. ශරිරයට ගුණදායකය. ජිවිත ආයු කාලයද වැඩි වේ. ශරිරයට නිරෝගිව තබා ගතහැක. වෙළෙඳ පොලෙන් ආහාර මිළදී ගැනිමට යොදවන මුදල ඉතිරි කර ගැනිමට හැක. 
                                         වර්ණකාරක සහිත බිම වර්ග පානයෙන් තොරව ගෙවත්තෙන් නෙලා ගන්නා මුකුනුවැන්න ,ගොටුකොළ ,එළබටු ,සැවැන්දරා වැනි පැළෑටි මගින් කොළකැද පානයක් සකසා ගත හැක.එය ශරිරයට පෝෂණයක් ලබාදෙයි. සව්කැද ,සුප් වර්ග පානයට ගැනිම සුදුසු වේ. ක්ෂණික ආහාර වලට යොමු නොවි නිවසේම සකසා ආහාර නිරන්තරයෙන් ආහාරයට ගැනිම ඉතා වැදගත් වේ.කඩල, මුං ඇට, කව්පි වැනි ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනිම වැදගත් වේ.ආහාරවේලට පෝෂක ගුණය සහිත සමබර ආහාරවේලක් සකසා ගත යුතුය. සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ආහාරවේලක් ගැනිමෙන් ශරිරයටද ගුණදායක වේ. වස විසෙන් තොර ආහාර ගැනිමෙන් අනාගතයට සෞඛ්‍ය සම්පන්න ,ශක්තිමත්, නිරෝගි පරපුරක් දයාද වේ.

Wednesday, 5 September 2018

රැල්ලට ගිය රියැලිටි කලාව



             වර්තමානයේ බොහෝ පුද්ගලයන් එදිනෙදා ජිවිතය ආධ්‍යාත්මික බව මුසපත් කිරීම සදහා ජනමාධ්‍ය ඇසුරු කරයි.තම රාජකාරි කටයුතු වලින් මිදි ගතේ සිතේ මහන්සිය,විඩාව සිද ගැනිමට රූපවාහිනිය,ගුවන්විදුලිය  වැනි මාධ්‍යයන් භාවිතා කරයි.අද වන විට රූපවාහිනිය  මගින් නාට්‍ය,චිත්‍රපට වලට අමතරව වැඩිපුරම විකාශනය වන්නේ රියැලිටි වැඩසටහන්ය.රූපවාහිනි නාලිකා සියල්ලේම  එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ.ඒ අනික් නාලිකාවට වඩා තම නාලිකාව  ප්‍රවර්ධනය කර ගනිමිනි .ඒ සංගීත  වැඩසටහන් ,නර්තන වැඩසටහන් ,දක්ෂතා පෙන්වන වැඩසටහන් ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන්  වයස්  පරතර වලින් යුතුව සංවිධානය කරමින් විකාශ වේ.රියැලිටි වැඩසටහන් මගින් සෑබෑ දක්ෂයින් ක්ෂේත්‍රයට  දායාද වේ.නමුත් වර්තමානයේ මෙම රියැලිටි වැඩසටහන් රැල්ලක් දැක ගත හැකිය .අවුරුදු පතා පවත්වාගෙන යන වැඩසටහන් තිබේ .මේ නිසාම රූපවාහිනි නැරඹීමට පුද්ගලයන් පෙළඹේ .රටේ පුද්ගලයන් සදහා වෙන් වු රියැලිටි වැඩසටහන් මෙන්ම රංගන ශිල්පීන් සදහා ද වෙන් වු රියැලිටි වැඩසටහන් පැවැත්වේ.ලංකාවේ ජේෂ්ඨ  පුරවැසියන් සදහා ද වෙන් වු සංගිතමය රියැලිටි වැඩසටහන් දැක ගත හැකිය .රියැලිටි වැඩසටහන් නොමැති එක රූපවාහිනි නාලිකාවක් අද දැක ගත නොහැකිය .රියැලිටි දැන් කලාවකි.සමාජයේ මිනිසුන්ගේ දක්ෂතා හදුනාගෙන ඔවුන් ඉදිරියට ගත්තද  ,එසේම මෙම වැඩසටහන් මගින්  ලබාදෙන  ඇතැම්  සංස්කෘතික අංග අප සමාජයට නොගැලපේ.එහිදී අප සංස්කෘතියට එහා ගිය නර්තන අංග දැකගත හැකි අතර එහිදී අදීන ඇදුම් ද අප සමාජයට නොගැලපේ.මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන තරගකරුවන්ට වටිනා ත්‍යාග ලබා දෙයි. එසේ ලබා දෙන ත්‍යාගද නාලිකාවෙන් නාලිකාවට සමානය. එයද රැල්ලට ගිය කලාවකි. රියැලිටි වැඩසටහන් වල ජයග්‍රහණය කරන තරගකරුවන් ඒ නාලිකාවේම ටෙලිනාට්‍ය සදහා සහභාගි කරවා ගනියි. මේ අයුරින් වර්තමානයේ රියැලිටි වැඩසටහන් රැල්ලක් දැකගත හැක.                                                                                          

Tuesday, 24 July 2018

කෙට් කතාව

බම්බාව රජ මහා විහාරය
 
          අම්මෝ..!  මේ එලාම් එක වේලාවකට නිදාගන්නවත් නෑ.හිනෙන් වගේ එලාම් එක ඔෆ් කරපු මං බැලුවේ කියටද? එලාම් එක තියලා තියෙන්නේ කියලා..පෙ.ව 6 යි වේලාව..
  තව ටිකක් නිදා ගන්නත් හිත. ඒත් කුස්සියේ සද්දේ වැඩි නිසා මම ගියේ අම්මා මොනවාද උදේම කරන්නේ බලන්න..

        මොකද ? අම්මා අද පාන්දර ඉදලම සද්දේ ..?

   අද උදේම මාමලා එනවා කියලා කෝල් කරානේ..ඒ වෙලේ ඉදන් මම මේ වැඩ.දැනටමත් මග එනවා ඇති..කට්ටිය
 
  ආ එහෙමද ..? ෂෝක්නේ..එහෙනම්, අද මටත් නිවාඩු දවසනේ..අම්මා කෝ අයියා ..?

  අයියා කඩේට ගියා.මාමලා ගොඩක් දවසකට පස්සේනේ එන්නේ හොඳට සංග්‍රහ කරන්න එපැයි.

  අද චුටි ට සතුටු ඇති අක්කලා එනවානේ නේද ..?

    ඔව් තාත්තේ මම මේ මාමලා එනකල් බලාන ඉන්නේ..?

   අම්මායි මායි දෙන්නාම මාමලා එන්න කලින් උදෑසන කෑම මේසය සකස් කර තිබුණි.දවල් කෑමටද උයන්න සුදානම් කර තිබුණි.

  "අම්මේ... අන්න , මාමලා ආවා"කියමින් අයියා කුස්සියට ආවේය.
 
    මාමලාගේ වෑන් රථය නිවස ඉදිරිපිට නතර කර තිබුණි.නැන්දාත් ,මාමාත් සමග සුදු නෝනා අක්කාද අපි ආදරෙන් පිළිගන්නෙමු. සැප දුක කතා කරන ගමන් සැවොම කෑම මේසයේ වාඩි වුණි.

 ඉතින් චුටි මොකද ? මේ දවස්වල පාඩම් වැඩ එහෙම..?

 හොඳයි මාමේ..මේ දවස්වලනම් ඉස්කොලේ නිවාඩුනේ..අද පන්තිත් නැ මට.

   උදෑසන ආහාරයෙන් පස්සේ අක්කයි මමයි නොයෙකුත් දේවල් කළහ.අයියාද නිතර අපේ කතාවලට බාධා කරයි.අම්මලා මාමලා ඔවුන්ගේ වැඩවල නිරත වුණි.නැවතත් කට්ටිය එකතු වුණේ දහවල් කෑම මේසයේදීය.

   කෑම ටික නම් හරිම රසයි නංගි..

  එහෙමද ..අයියේ  හදිස්සියේමනේ ඔය ඉවුවේ..

  අද හවසට කොහේ හරි යන්න තියෙනවානම් නේද.? සුදු නෝනා ..

  මාමාගේ ඒ ප්‍රශ්නෙට මම කල්පනා කරේ කොහෙද  යන්න හොඳ කියලා.. මට මතක් වුණේ අද රෑ බම්බාව පෙරහැර තියෙන බවයි.

 මාමේ අද රෑ බම්බාව පෙරහැර තියෙනවා ..අපි ඒක බලන්න යමු.

 අදද ඒ පෙරහැර තියෙන්නේ ? චුටී,  ..අනේ...!, යමුකෝ තාත්තේ ඒක බලන්න ..අවුරුද්දට එක පාරක්නේ තියෙන්නේ..මේවාගේ දවසක් අය එන් නෑ.

 ඒක හොදයි තමා පුතාට වුණ භාරයක් තියෙනවා ඔප්පු කරන්න.ඒ ගමන් බාරෙත් ඔප්පු කරලා එමු.

 අම්මත් කැමැත්ත ප්‍රකාශ කළාය.සැවොමගේම කැමැත්තෙන් හවස් වන විට ගලේවෙල බම්බාව රජ මහා විහාරයට යෑමට සුදානම් වුණි.අම්මා අයියාගේ භාරය ඔප්පු කිරිමට පළතුරු හතක්ද ,හදුන්කුරු ,කපුරු යනාදිය සකස් කර ගත්තාය.මාමාගේ වෑන් රථයෙන් අපි බම්බාව විහාරයට යෑමට පිටත් වුණෙමු. අපේ ගෙදර සිට විහාරයට 1km කි.අප විහාරයට යන විට බොහෝ සෙනගක් පන්සල් භුමියේ සිටියහ.සැවොම සුදු වර්ණයෙන් දිස්වුණි.පෙරහැරේ නැටුම් කණ්ඩායම් ,අලි ඇතුන්, කස කරුවන් පෙරහැරට සුදානම් වී තිබුණි.


            විහාරයට ප්‍රවිශ්ඨ වන ස්ථානයේ දකුණු දෙසින් ඇති චෛත්‍යය වෙනදාට වඩා විදුලි බල්බ වලින් අලංකාරයෙන් දිස්වුණි.අපි පළමුවෙන්ම ගියේ අයියාගේ භාරය  ඔප්පු කිරීමටය. අම්මා පළතුරු වට්ටිය කපු මහතා අතට භාරය පිළිබඳව අදහස් දැක්විය.කපු මහතා පළතුරු වට්ටිය ගෙන ගොස් දෙවියන්ට පුජා කළේය.අපි වැදගෙන සිටින ආකාරය දැක නැන්දාත් මාමත් සුදු නෝනා අක්කත් අපව අනුකරණය කරන්නට විය.
   කපු මහතාගෙන් පළතුරු වට්ටිය ඉල්ලගෙන..අය අපි ගියේ විහාර ගෙටය. එහිදී සුදුනෝනා අක්කත් මමත් හවස කඩපු මල් පුජා කළෙමු. විහාරයේ පැත්තක ඉදගෙන අපි ගාථා කියමින් බුදුන් වන්දනා කළෙමු.

            අපි බුදුන් වන්දනා කිරිමෙන් අනතුරුව පන්සලේ පැත්තකින් ඇති වැව් බැම්මට ගොඩ වුණෙමු.එතනදී හමා එන සිසිලසත්, පන්සලේ ඇති සුන්දරත්වයත් හිතට සුවදායක බවක් ගෙනදුනි.අම්මා අයියාගේ භාරය ඔප්පු කල පළතුරු අනුභව කරන්නට පළතුරු වට්ටිය අපට දුන්නාය.අපි සැවොම පළතුරු රස වින්දෙමු.



 අද භාර ඔප්පු කරන්න කට්ටිය ගොඩයි නේද.?.නංගී මාමා අම්මාගෙන් ඇසිය.

ඔව් අයියේ.,මේ දවස්වල කොහොමත් භාර ඔප්පු කරන දවස්නේ..ඒ නිසා අද සෙනග වැඩි
 
   ආ...නැන්දේ මේ දේවාලේ මොන දෙවියන්ද වැඩ හිදින්නේ ..?

  ගලේ බණ්ඩාර දෙවියන් තමා වැඩ ඉන්නේ..සුදුනෝනා .මේ දේවාලේ අද ඊයේ දේවාලයක් නෙමේ පුරාණ කාලයේ ඉදලා තිබිලා තියෙනවා .

 එතකොට අම්මේ..පන්සලත් පුරාණ කාලයේ ඉදලාද තියෙන්නේ ..?
 
 ඔව් චුටි, මේ පන්සල හදලා තියෙන්නේ වලගම්බා රජතුමානේ.

අනේ ..! නැන්දේ ඒ ගැන විස්තර කියන්නකෝ.
   සුදුනෝනා අක්කා පළතුරු කන ගමන් අම්මාගෙන් ඒ ගැන තවත් ප්‍රශ්න ඇසිය.

 අනුරාධපුර රාජධානිය තියන දවස්වල වලගම්බා රජු බලය හිමි කර ගන්නවා.ඒ වුණාට සුදුනෝනා මේ රජුට රාජ්‍ය කරගෙන යන්න බැරි වෙනවා. විවිධ ආක්‍රමණයන් ,දුර්භික්ෂයන් එහෙම තිබිලා තියෙනවා.ඒ කාලේ ආපු දකුණු ඉන්‍දිය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගන්න වලගම්බා රජු මාතලේ ප්‍රදේශයේ ගල් ගුහාවල ඉදිමින් අවුරුදු 14 මාස 7ක්ම සේනා සංවිධානය කරලා තියෙනවා.ඉතින් පුතේ , ඒ විදිහට සේනා සංවිධානය කරන්න මේ විහාරයේ ගල්ලෙනද යොදාගෙන තියෙනවා .පස්සේ සෝළින් පරාජය කළාට ඒ රජු තමාට උදව් වුණ සෑම ගල් ගුහාවක්ම විහාරයක් බවට පත් කරලා තියෙනවා.ඒ විදිහට තමයි සුදුනෝනා මේ පන්සලත් වලගම්බා රජතුමා හදලා තියෙන්නේ.

අනේ.. එහෙමද ෂෝක් නැන්දේ ඒ කතා අහද්දි ආස හිතෙනවා.

 මේ ගල්ගුහාව විතරක් නෙමෙයි සුදුනෝනා දඹුල්ල ගල්ලෙනද වලගම්බා රජුට සේනා සංවිධානයට උදව් වෙලා තියෙනවා.ඒ විහාරයත් හදලා තියෙන්නේ වලගම්බා රජතුමා තමයි.සුදුනෝනා තව වලගම්බා රජතුමා මේ බම්බාව ගල්ලෙනේ ඉදලා දඹුල්ලේ ගල්ලෙනට යන්න උමං මාර්ගයක්ද හදාගෙන තියෙනවා .ඒ උමග මේ විහාරේ තියෙනවා.

 අනේ..,නැන්දේ මට ඒ උමග බලන්න ආසයි .අපි යමුකෝ චුටි ඒ උමග බලන්න.

  එන්න සුදුනෝනා මං පෙන්නන්නම්..
අයියා සුදුනෝනා අක්කත්, මාවත් එක්කගෙන ඒ උමග පෙන්නන්නට ගියේය.

 මටත් හරි පුදුමයි..අපේ මේ පන්සලේ මෙච්චර ඓතිහාසික පසුබිමක් තිබිලත් අද තමයි මමත් ඒ ගැන වැඩි විස්තරයක් දැන ගත්තේ.

 සුදුනෝනා මේ තමයි ඒ උමග ..ඒ ව්තරක් නෙමේ, බම්බාව රජ මහා විහාරය වලගම්බා රජතුමාගෙනුත් තවත් අතීතයට තියෙනවා නංගි..



 ඒත් මේ විහාරය ගැනද අයියා..ඒ කතාවත් කියන්නකෝ.

ඔව් චුටි.,මේ බම්බාව ගැන තවත් ඓතිහාසික කතාවක්.ඉස්සර මේ පැත්තෙ ඉදලා තියෙන්නේ යක්ෂ ගොත්‍රික කණ්ඩායම්.මේ ගමේ නම බම්බාවනේ..ඉතින් චුටි මේ බම්බාව කියලා නම හැදිලා තියෙන්නේ බම්බා කියලා රජ කෙනෙක් මේ ප්‍රදේශය පාලනය කල නිසාලු.ඒ රජුගේ දුව කවුද කියලා දන්නවාද ..?.
 
පුතාලා තාම ඔතනද..අපි යමු නේද පෙරහැර බලන්න තැනක් හොයා ගන්නත් එපැයි ..

 හරි තාත්තේ අපි එන්නම්...අපි එනකල් තාත්තලා යමු..

 ඉතින් කවුද අයියේ අර බම්බා රජුගේ දුව...?.

ඒ කවුරුත් නෙමෙයි සුදුනෝනා .. ඒ තමයි කුවේණි.කුවේණිගේ උපන් ගම තමා මේ ගලේවෙල බම්බාව .විජය කුමාරයා ලංකාවට ඇවිත් විවහා කර ගත්තේ ඈ තමයි.එතකොට සුදුනෝනා  බම්බා රජුගේ සහෝදරයා තමයි හොම්බා .ඔහු පාලනය කළ ප්‍රදේශය හදුන්වන්නේ හොම්බාව කියලා.අපේ ගමට අල්ලපු  ගම තමා  සුදුනෝනා හොම්බාව කියන්නේ..

 එහෙමද..අයියා එතකොට අපි ඉස්සර ඉදන් පැවතගෙන එන්නෙත් යක්ෂ ගොත්‍රිකයන්ගෙන් නේද?

 ඔව් චුටි එන්නකො ..යන්න තව තැනක් තියෙනවා බලන්න.කුවේණි මස් පුච්චද්දි දුම් වැදුණු ගල තියෙනවා ..

 අපි ඉක්මණට එතනත් බලලා යමු....අයියේ.අම්මලා බලාන ඇති එනකල්..

ඒකතමා චුට් ..අපි එකත් බලලා ඉක්මණට යමු.අර බලන්න අතන ගලේ දුම් වැදිලා කලු වෙලා තියෙන්නේ.කුවේණි එතන තමා මස් පුච්වලා තියෙන්නේ.

එතකොට අයියේ ..ව්ජය කුමාරයා ලංකාවට එද්දී කුවේණි හිටියේ තම්බපණ්ණියේ නේද ..?

ඔව් නංගී ඒ වෙනකොට කුවේණි ඒ පැත්තේ ඉන්න ඇති..ඒ වුණාට කුවේණිගේ උපන් ගම මෙහේ..මේ.. අපි දැන් යමු නේද?..

අයියත්, සුදුනෝනා අක්කත්, මාත් බම්බාව විහාරය ගැන ගොඩක් තොරතුරු කතා කරන ගමන් අම්මලා ඉන්න තැන සොයා ව්හාර භුමියෙන් පිටතට ගියෙමු.පෙරහැර ආරම්භ වුණි. පෙරහැරේ නැටුම් ඉතා අලංකාරය.සියලු දෙනාම අවසානය දක්වාම පෙරහැර සතුටින් රස වින්දෙමු.පෙරහැර අවසානයේ මල් වෙඩි සංදර්ශනයක්ද තිබුණි.ඒ සියල්ල බලා අපි සැවොම ගෙදර ආවෙමු ..

ඊලග පාරත් අපි පෙරහැර බලන්න නැන්දලා ගෙදර එමු තාත්තේ ..ඔන්න දැන්ම කියලා තියෙන්නේ ...

 හරි හරි ඊලග අවුරුද්දේත් අපි එමුකෝ..

සුදුනෝනා අක්කාගේ ඉල්ලීට මාමා එකග විය.එදින අප නින්දට යන විට ගොඩක් කාලය ගත වී තිබුණි.
                                          මම එදින ගලේවෙල බම්බාව රජ මහා විහාරය ගැන තොරතුරු ගොඩක් දැන ගත්තෙමි.අප නොදන්නා ඓතිහාසික ස්ථාන කෙතරම් ලංකාව තුළ තිබේද ?.මා එදින නින්දට ගියේ තවත් ඓතිහාසික තොරතුරු සොයා ගත යුතුය යන බලාපොරොත්තුවෙනි.




පී.ජී.එම්.ඩී විජේරත්න.
HS/2015/1145
සම්ප්‍රදායික සන්නිවේදනය.



 









 

Monday, 23 July 2018

ගම්මානයක අසිරිය ..

                                                                                     
                   

                         
                     

සාරධර්ම සුරකිමු

                 දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම  කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...