Wednesday, 5 September 2018
රැල්ලට ගිය රියැලිටි කලාව
වර්තමානයේ බොහෝ පුද්ගලයන් එදිනෙදා ජිවිතය ආධ්‍යාත්මික බව මුසපත් කිරීම සදහා ජනමාධ්‍ය ඇසුරු කරයි.තම රාජකාරි කටයුතු වලින් මිදි ගතේ සිතේ මහන්සිය,විඩාව සිද ගැනිමට රූපවාහිනිය,ගුවන්විදුලිය වැනි මාධ්‍යයන් භාවිතා කරයි.අද වන විට රූපවාහිනිය මගින් නාට්‍ය,චිත්‍රපට වලට අමතරව වැඩිපුරම විකාශනය වන්නේ රියැලිටි වැඩසටහන්ය.රූපවාහිනි නාලිකා සියල්ලේම එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ.ඒ අනික් නාලිකාවට වඩා තම නාලිකාව ප්‍රවර්ධනය කර ගනිමිනි .ඒ සංගීත වැඩසටහන් ,නර්තන වැඩසටහන් ,දක්ෂතා පෙන්වන වැඩසටහන් ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන් වයස් පරතර වලින් යුතුව සංවිධානය කරමින් විකාශ වේ.රියැලිටි වැඩසටහන් මගින් සෑබෑ දක්ෂයින් ක්ෂේත්‍රයට දායාද වේ.නමුත් වර්තමානයේ මෙම රියැලිටි වැඩසටහන් රැල්ලක් දැක ගත හැකිය .අවුරුදු පතා පවත්වාගෙන යන වැඩසටහන් තිබේ .මේ නිසාම රූපවාහිනි නැරඹීමට පුද්ගලයන් පෙළඹේ .රටේ පුද්ගලයන් සදහා වෙන් වු රියැලිටි වැඩසටහන් මෙන්ම රංගන ශිල්පීන් සදහා ද වෙන් වු රියැලිටි වැඩසටහන් පැවැත්වේ.ලංකාවේ ජේෂ්ඨ පුරවැසියන් සදහා ද වෙන් වු සංගිතමය රියැලිටි වැඩසටහන් දැක ගත හැකිය .රියැලිටි වැඩසටහන් නොමැති එක රූපවාහිනි නාලිකාවක් අද දැක ගත නොහැකිය .රියැලිටි දැන් කලාවකි.සමාජයේ මිනිසුන්ගේ දක්ෂතා හදුනාගෙන ඔවුන් ඉදිරියට ගත්තද ,එසේම මෙම වැඩසටහන් මගින් ලබාදෙන ඇතැම් සංස්කෘතික අංග අප සමාජයට නොගැලපේ.එහිදී අප සංස්කෘතියට එහා ගිය නර්තන අංග දැකගත හැකි අතර එහිදී අදීන ඇදුම් ද අප සමාජයට නොගැලපේ.මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන තරගකරුවන්ට වටිනා ත්‍යාග ලබා දෙයි. එසේ ලබා දෙන ත්‍යාගද නාලිකාවෙන් නාලිකාවට සමානය. එයද රැල්ලට ගිය කලාවකි. රියැලිටි වැඩසටහන් වල ජයග්‍රහණය කරන තරගකරුවන් ඒ නාලිකාවේම ටෙලිනාට්‍ය සදහා සහභාගි කරවා ගනියි. මේ අයුරින් වර්තමානයේ රියැලිටි වැඩසටහන් රැල්ලක් දැකගත හැක.
Subscribe to:
Post Comments (Atom)
සාරධර්ම සුරකිමු
දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...

-
"නිරෝගිකම උතුම්ම ලාභයයි" මිනිස් ජිවිතයට නිරෝගම ඉතා වැදගත්ය. එදිනෙදා ආහාරයට ගන්නා ආහාරවේල සෞඛ්‍ය සම...
-
බම්බාව රජ මහා විහාරය අම්මෝ..! මේ එලාම් එක වේලාවකට නිදාගන්නවත් නෑ.හිනෙන් වගේ එලාම් එක ඔෆ් කරපු මං බැලුවේ කියටද? එලාම් එක තියලා...
No comments:
Post a Comment