Sunday, 15 July 2018

දුරකථන මාරයා..

 
       වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ලෝකයේ ප්‍රධාන සන්නිවේදන උපකරණයක් බවට දුරකථය පත්ව ඇත. අතීතයේ පණිවිඩයක් ,තොරතුරක් තවත් පාර්ශවයෙකුට ලබා දිමට සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම යොදා ගත්තද අද වන විට ප්‍රධාන වශයෙන්  දුරකථනය යොදා ගනියි.හුදෙක් මිනිසාගේ වෙහෙස, මහන්සිය නිමවා ව්නෝදාස්වාදයෙන් සිත මුසපත් කිරීමද දුරකථනයෙන් සිදු වේ.අද වන විට මිනිසාගේ හොඳම හිතවතා බවට දුරකථනය පත්ව තිබේ.
                            දුරකථනය  විටෙක මිනිසාගේ මිත්‍රයා වුවත් තවත් විටෙක මිනිසාගේ මාරයා විය හැක. අතීතයේ ආදරය කරන දෙදෙනෙක් තම ආදරය අනෙකාට පැවසිමට ආදර හසුන් ලියන ලදී.පොඩි කවියකින් ,නිසදෑසකින් ඒ ලියන හසුන අලංකාර විය.නමුත් අද පෙම්වතුන් පෙම් හසුන් ලියන්නෙ නැත.ඔවුන්ගේ ආදරය ගලන මාධ්‍ය  වන්නේ දුරකථනයයි.දුරකථනයෙන් යවන කෙට් පණිවිඩය ඔවුන්ගේ ආදරය විය.අද සමාජයේ මිනසා මේ නිසාම කවියෙන් නිසදෑසින් ඈත් වි ඇත.දුරකථනය නිසා මිනිසාගේ පරිකල්පන හැකියාව අහිමි ගොස්ය.නිර්මාණාත්මක හැකියාව නැත.තම සෑම කටයුත්තක්ම දුරකථනය ඔස්සේ සිදු කරයි.ඒ තරමට අද වන විට තාක්ෂණය දියුණුය.මිනිසා නිවසේ බිල්පත් ආදිය නිවසේ සිටම දුරකථනය ඔස්සේ ගෙවිම් කටයුතු සිදුකරයි. නිවසේ සිට තම කටයුතු සිදු කලද මිනිසා සමාජයෙන් දුරස්ව ඇත.වර්තමානයේ සිදු වන සියදිවි නසා ගැනිම් වැනි මරණ වාර්තා විමට ප්‍රධාන හේතුව දුරකථන මරයාය.දුරකථනය ඔස්සේ සමාජ ජාලා, facebook,twitter ,skype ,viber හා whatapp ආදි නව මාධ්‍යයට පිවිසිමෙන් තම පෞද්ගලිකත්වය අන් අයට ව්වර කරයි.තරුණ තරුණියන් ජායාරූප ,පෞද්ගලික තොරතුරු මුහුණු පොතේ සටහන් කිරිමෙන් ඒ හා හමුවෙන මිත්‍රයන් සමග ඒවා බෙදා ගැනිමෙන් තම විනාශයට මග පාදා ගනියි.එසේ හමුවන ම්ත්‍රකම මරණය දක්වා යන්නේ දුරකථනය නිසාවෙනි.විවාහක පිරිස අනියම් සබඳතා ගොඩ නගා ගන්නේද මෙම සමාජ ජාලාවලට පිවිසිමෙනි.පවුල් ජිවිත පවා විනාශයට පත්ව ඇත්තේ මෙම දුරකථනය මගිනි.
                                             වර්තමානයේ පාසල් දරුවන්ගේ සිට වයසින් වැඩි පුද්ගයා දක්වා දුරකථන භාවිතය දැකගත හැක.දුරකථනයෙන් මිනිසාට වන බලපෑම ප්‍රබලය.ළමුන් අධ්‍යාපන කටයුතු සදහ ද දුරකථනය යොදා ගනියි.තවත් විටෙක එය අධ්‍යාපනයේ ව්නාශය වේ.දුරකථනය ඔස්සේ අන්තර්ජාලයෙන් අධ්‍යාපනික තොරතුරු ලබා ගත හැක.නමුත් දුරකථනය මගින් වැරදි මාර්ගයට නොගොස් යහපත් දේ සදහා යොදා ගැනිම වැදගත් කරුණකි.අධ්‍යාපනයේදි ගණිත ගැටලු විසඳීමට දුරකථන ගණක යන්ත්‍රය යොදා ගනියි.මෙහිදී දරුවාට පහසුවෙන් ගැටලුව විසදාගත හැකි වුවත් දරුවාගේ බුද්ධිය වර්ධනය වන්නේ නැත.එහෙයින් ළමුන් සදහා දුරකථනය ලබා දීම සුදුසු නොවේ.එය දෙමාව්පියන්ගේ වගකිමකී.
                   අතීතයේ තරුණ පිරිස් ,ළමා පරපුර විවේකයක් ලැබෙන වේලාවට ක්‍රිඩා පිටියේ කණ්ඩායම් බෙදී සෙල්ලම් කරයි.නමුත් අද එසේ ක්‍රිඩා කිරිමට වේලාවක් නැත.නිදහසක් ලැබෙන වේලාවට පුරුදුව ඇත්තේ දුරකථනයේ ඇති ක්‍රිඩාවල යෙදෙන්නය.කණ්ඩායම් හා ක්‍රිඩා කිරිආමේදී තරුණ පිරිස් අතර පෞරුෂ වර්ධනය ,නායකත්වය හා සාමුහික  වැඩ කිරීම ආදි ගුණාංග වර්ධනය වේ.නමුත් දුරකථනය හේතුවෙන් අද ගුණාංග දරුවන් තුළ නැත.මේ සියල්ල වෙනස්ව ඇත්තේ දුරකථනය හේතුවෙනි.දුරකථනය මගින් ඇති පහසුකම් නැතුවාද නොවේ.එහෙයින් ඇතිවන බලපෑම ප්‍රබල වේ.එහෙයින් තම අවශ්‍යතාවයට අනුව නිවැරැදිව දුරකථනය භාවිතා කිරීම අප සතු යුතුකමකි.තාක්ෂණය දියුණු විම නිසා අනාගත පරපුර ඒ තාක්ෂණයට ඔබින පුද්ගලයෙක් බිහි විම මිස නිර්මාණශීලී පුද්ගලයෙක් බිහි නොවේ.
                                   ~මධූ~

7 comments:

සාරධර්ම සුරකිමු

                 දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම  කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...