Monday, 23 July 2018
මතට තිත..
සමාජයේ ජිවත්වෙන සෑම පුද්ගලයෙක්ම සතුටින් කාලය ගත කිරීමට කැමතිය.වර්තමාන ජිවිතයේ සතුට මියැදෙන ප්‍රධාන බාධාවක් වන්නේ මත්ද්‍රව්‍ය වේ.තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ අත්හදා බැලිම් නිෂ්පාදනය කරයි.එසේ නිෂ්පාදනය වු දෙයක් ලෙස මත්ද්‍රව්‍ය හදුනගත හැක.කෙනෙක් මෙය යහපතට යොදා ගත්තද තවත් කෙනෙක් එය අයහපතට යොදා ගනියි.මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් පොහොසත් වන අතර භාවිතා කරන්නන් විනාශයට පත් වේ.
සංවර්ධය වන රටක මත්ද්‍රව්‍ය රටේ අනාගතයට බාධාවකි. වර්තමානයේ පවුල් පසුබිම බ්දවැටිමට ප්‍රධාන හේතුව මත් රකුසයි. සැබැවින්ම එය රකුසෙකි.රටේ වැඩිහිටි පිරිමි හා තරුණයන් බහුලව මත් රකුසාට ගොදුරු වේ.නිවසේ පියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විමෙන් නිවසේ සතුට ගිහිලි ගොස් තිබේ.පියා මත් වතුර ගැනිමෙන් දිනපතා මව සමග රණ්ඩු කරයි.මේ සියල්ලෙන් පීඩා විදින්නේ මව්වරුන්ය.මෙවැනි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද බිදවැටේ.මෙසේ මත්රකුසාට ගොදුරුව ඇති පවුල් බොහොමයක් ලංකාව තුළ දැකගත හැක.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයාට දිනපතා ඒවා අවශ්‍ය වේ.එදිනෙදා කුලිවැඩ කර උපයාගත් මුදල මත්ද්‍රව්‍ය වලට යොදවයි.නිවසේ අගහිගකම්වලට මුදල් නොයොදා තම අභිප්‍රාය ඉටු කරගනි.මුදල් තම අත නොමැති කල නිවසේ ඇති සම්පත් විකුණා තම අවශ්‍යතාවයට මුදල් සොයා ගනියි.මෙවැනි පවුල් අද සමාජයේ දැකගත හැකිය.දිගුකාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් ව්ව්ධ රෝගබාධයන්ට ලක් වේ.මෙමඟින් ද දුක් විදින්නේ බිරිඳ හා දරුවන් ය.සමාජයේ ඇති මෙවැනි පවුල් හදුනා ගෙන සුදුසු පියවරක් ගත යුතුය .ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කල යුතුය.වර්තමානයේ වැඩිහිටි පිරිමි පමණක් නොව පාසල් වියේ යොවුන් දරුවන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි ඇත.විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පාසල් ව්යේ දරුවන් අතර ප්‍රචලිතය.පාසල් වියේ යොවුන් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව මෑත කාලයේ ප්‍රවෘත්තිවලින්ද අපට අසන්නට ලැබුණි.මුලින්ම වෙනත් කෙනෙක්ගෙන් ලැබුණු මත්ද්‍රව්‍යවලට පුරුදු වු දරුවා පසුව මුදල්වලට මත්ද්‍රව්‍ය ලබා ගැනිමට පෙළඹේ.මත්ද්‍රව්‍ය වලට දරුවා ඇබ්බැහි වු කල එයින් මුදවා ගැනිමට අපහසුය.මත්ද්‍රව්‍ය මිළ දි ගැනිමට මුදල් නොමැති කල දරුවා සොරකම් කිරීමට පෙළඹේ.මත් රකුසාත් සමග දරුවා වැරදි ක්‍රියා වලට නැඹුරුවෙයි.පාසල් වියේදීම වැරදි ක්‍රියාවලට යොමු විමෙන් අනාගතය ඉතා දුක්බර වේ.අධ්‍යාපන කටයුතු බිදවැටේ.මේ සියල්ල සිදු වන්නේ මත්ද්‍රව්‍යවලට ගොදුරු විමෙනි.ඒ සදහා පාසල් මට්ටමෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට වැඩ පිළිවෙළක් ගත යුතුය.දෙමාපියන්ද තම දරුවන් නිවැරැදි මාර්ගයට ගැනිමට කටයුතු කල යුතුය.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය අලෙවි කරන්නන් විශාල මුදලක් උපයා ගනියි.ඔවුන් ධනවතුන් වෙති.ඇතැම් විට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් අතර කාන්තාවන් ද සිටියි.මත් රකුසාට ගොදුරු පුද්ගලයාගේ අවසානය ඉක්මන් මරණයයි.මත් රකුසා ඉතා බියකරුය.එයට ඇබ්බැහි වු කල එයින් මිදීමට නොහැක.සංවර්ධන වෙමින් පවතින රටක් විදිහට මගේ රට්නි මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අප සියලු දෙනා එකතු විය යුතුය.මේ සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු වේ. මත්ද්‍රව්‍ය අප සමාජයෙන් තුරන් කිරීම අප සැමගේ යුතුකමක් නොව වගකිමකී.
Subscribe to:
Post Comments (Atom)
සාරධර්ම සුරකිමු
දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...

-
"නිරෝගිකම උතුම්ම ලාභයයි" මිනිස් ජිවිතයට නිරෝගම ඉතා වැදගත්ය. එදිනෙදා ආහාරයට ගන්නා ආහාරවේල සෞඛ්‍ය සම...
-
බම්බාව රජ මහා විහාරය අම්මෝ..! මේ එලාම් එක වේලාවකට නිදාගන්නවත් නෑ.හිනෙන් වගේ එලාම් එක ඔෆ් කරපු මං බැලුවේ කියටද? එලාම් එක තියලා...
Wedagath paniwidyak
ReplyDeleteWedagath paniwidyak
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteNiyamai
ReplyDelete