"නිරෝගිකම උතුම්ම ලාභයයි" මිනිස් ජිවිතයට නිරෝගම ඉතා වැදගත්ය. එදිනෙදා ආහාරයට ගන්නා ආහාරවේල සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ආහාරවේලක් විය යුතුය. අද වන විට වෙළඳ පොලෙන් මිළ දී ගන්නා සෑම එළවළු ,පළතුරු වස විසෙන් මිශ්‍ර වී ඇත. අඩු කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනිමට විවිධ පොහොර ,තෙල් වර්ග භාවිතා කරයි. වගාවන් වල වල් පැළෑටි මර්ධනයට වල් නාශක යොදා ගනියි. කෘමි සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනිමට කෘමිනාශක තෙල් වර්ග යොදා ගනියි. මෙසේ යොදා ගන්නා වස විස එළවළු ,පළතුරු සමග මිශ්‍ර වී පවතියි. එවැනි ආහාර ආහාරවේලට එකතු කර ගැනිමෙන් අයහපත් ප්‍රතිඵල ලබා දෙයි.වර්තමානයේ ගෘහණියන් අඩු කාලයකින් ආහාර සකස ගැනිමට නුඩ්ලස් ,පැස්ටා,මැකරෝනි වැනි ක්ෂනික ආහාර වලට යොමු වි ඇත. යොවුන් වියේ දරුවන් වෙළඳ පොලෙන් බිම වර්ග මිළදී ගැනිමට පෙළඹේ. ඒ බිම වර්ග වර්ණ කාරක සහිත වැඩි කැලරි ප්‍රමාණයක් ඇති අතර ශරිරයට අහිතකර වේ.
වස විස සහිත ආහාර ගැනිමෙන් ශරිර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල උදාකරදෙයි. වකුගඩු රෝග, පිළිකා ආදි රෝගයන්ට ගොදුරු වේ. එමෙන්ම ජිවිත ආයු කාලයද කෙටි වේ. වැඩි කැලරි ප්‍රමාණයක් සහිත බිම වර්ග ,ආහාර මගින් දියවැඩියාව ,ස්ථුලතාව, හෘදයාබාධ හා අධිරුධිර පිඩනය වැනි රෝගයන්ට ගොදුරු වේ. අදවන විට මහලු පුරවැසියන් සෞඛ්‍ය සම්පන්නව අදටත් ජිවත් වෙයි. නමුත් ළමා ,තරුණ පරපුර ඉක්මනින් රෝගාබාධවලට ගොදුරු වේ. එයට හේතු වන්නේ අතීතයේ දී ආහාරයට ගත් එළවළු ,පළතුරු ආහාර වස විසෙන් තොර විමය. එහෙයින් මහලු පරපුර අදටත් නිරෝගිය. රෝගාබාධයන්ගෙන් තොරව නිරෝගි දිවිපෙවතක් සදහා අප සෑම විටම වස විසෙන් තොර ආහාරවේලක් ලබාගත යුතුය. තමාගේ ගෙවත්තේම වගා කර ගන්නා එළවළු , පළතුරු ආහාරයට එක් කර ගැනිම වැදගත්ය. එවැනි ආහාර වල පෝෂණ ගුණය ඉතා ඉහළ ය. වස විසෙන් තොරය. පිරිසිදු නැවුම් එළවළු ,පළතුරු වලින් ලෙඩරෝග වැලදිමක් නැත. ශරිරයට ගුණදායකය. ජිවිත ආයු කාලයද වැඩි වේ. ශරිරයට නිරෝගිව තබා ගතහැක. වෙළෙඳ පොලෙන් ආහාර මිළදී ගැනිමට යොදවන මුදල ඉතිරි කර ගැනිමට හැක.
වර්ණකාරක සහිත බිම වර්ග පානයෙන් තොරව ගෙවත්තෙන් නෙලා ගන්නා මුකුනුවැන්න ,ගොටුකොළ ,එළබටු ,සැවැන්දරා වැනි පැළෑටි මගින් කොළකැද පානයක් සකසා ගත හැක.එය ශරිරයට පෝෂණයක් ලබාදෙයි. සව්කැද ,සුප් වර්ග පානයට ගැනිම සුදුසු වේ. ක්ෂණික ආහාර වලට යොමු නොවි නිවසේම සකසා ආහාර නිරන්තරයෙන් ආහාරයට ගැනිම ඉතා වැදගත් වේ.කඩල, මුං ඇට, කව්පි වැනි ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනිම වැදගත් වේ.ආහාරවේලට පෝෂක ගුණය සහිත සමබර ආහාරවේලක් සකසා ගත යුතුය. සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ආහාරවේලක් ගැනිමෙන් ශරිරයටද ගුණදායක වේ. වස විසෙන් තොර ආහාර ගැනිමෙන් අනාගතයට සෞඛ්‍ය සම්පන්න ,ශක්තිමත්, නිරෝගි පරපුරක් දයාද වේ.