Tuesday, 24 July 2018

කෙට් කතාව

බම්බාව රජ මහා විහාරය
 
          අම්මෝ..!  මේ එලාම් එක වේලාවකට නිදාගන්නවත් නෑ.හිනෙන් වගේ එලාම් එක ඔෆ් කරපු මං බැලුවේ කියටද? එලාම් එක තියලා තියෙන්නේ කියලා..පෙ.ව 6 යි වේලාව..
  තව ටිකක් නිදා ගන්නත් හිත. ඒත් කුස්සියේ සද්දේ වැඩි නිසා මම ගියේ අම්මා මොනවාද උදේම කරන්නේ බලන්න..

        මොකද ? අම්මා අද පාන්දර ඉදලම සද්දේ ..?

   අද උදේම මාමලා එනවා කියලා කෝල් කරානේ..ඒ වෙලේ ඉදන් මම මේ වැඩ.දැනටමත් මග එනවා ඇති..කට්ටිය
 
  ආ එහෙමද ..? ෂෝක්නේ..එහෙනම්, අද මටත් නිවාඩු දවසනේ..අම්මා කෝ අයියා ..?

  අයියා කඩේට ගියා.මාමලා ගොඩක් දවසකට පස්සේනේ එන්නේ හොඳට සංග්‍රහ කරන්න එපැයි.

  අද චුටි ට සතුටු ඇති අක්කලා එනවානේ නේද ..?

    ඔව් තාත්තේ මම මේ මාමලා එනකල් බලාන ඉන්නේ..?

   අම්මායි මායි දෙන්නාම මාමලා එන්න කලින් උදෑසන කෑම මේසය සකස් කර තිබුණි.දවල් කෑමටද උයන්න සුදානම් කර තිබුණි.

  "අම්මේ... අන්න , මාමලා ආවා"කියමින් අයියා කුස්සියට ආවේය.
 
    මාමලාගේ වෑන් රථය නිවස ඉදිරිපිට නතර කර තිබුණි.නැන්දාත් ,මාමාත් සමග සුදු නෝනා අක්කාද අපි ආදරෙන් පිළිගන්නෙමු. සැප දුක කතා කරන ගමන් සැවොම කෑම මේසයේ වාඩි වුණි.

 ඉතින් චුටි මොකද ? මේ දවස්වල පාඩම් වැඩ එහෙම..?

 හොඳයි මාමේ..මේ දවස්වලනම් ඉස්කොලේ නිවාඩුනේ..අද පන්තිත් නැ මට.

   උදෑසන ආහාරයෙන් පස්සේ අක්කයි මමයි නොයෙකුත් දේවල් කළහ.අයියාද නිතර අපේ කතාවලට බාධා කරයි.අම්මලා මාමලා ඔවුන්ගේ වැඩවල නිරත වුණි.නැවතත් කට්ටිය එකතු වුණේ දහවල් කෑම මේසයේදීය.

   කෑම ටික නම් හරිම රසයි නංගි..

  එහෙමද ..අයියේ  හදිස්සියේමනේ ඔය ඉවුවේ..

  අද හවසට කොහේ හරි යන්න තියෙනවානම් නේද.? සුදු නෝනා ..

  මාමාගේ ඒ ප්‍රශ්නෙට මම කල්පනා කරේ කොහෙද  යන්න හොඳ කියලා.. මට මතක් වුණේ අද රෑ බම්බාව පෙරහැර තියෙන බවයි.

 මාමේ අද රෑ බම්බාව පෙරහැර තියෙනවා ..අපි ඒක බලන්න යමු.

 අදද ඒ පෙරහැර තියෙන්නේ ? චුටී,  ..අනේ...!, යමුකෝ තාත්තේ ඒක බලන්න ..අවුරුද්දට එක පාරක්නේ තියෙන්නේ..මේවාගේ දවසක් අය එන් නෑ.

 ඒක හොදයි තමා පුතාට වුණ භාරයක් තියෙනවා ඔප්පු කරන්න.ඒ ගමන් බාරෙත් ඔප්පු කරලා එමු.

 අම්මත් කැමැත්ත ප්‍රකාශ කළාය.සැවොමගේම කැමැත්තෙන් හවස් වන විට ගලේවෙල බම්බාව රජ මහා විහාරයට යෑමට සුදානම් වුණි.අම්මා අයියාගේ භාරය ඔප්පු කිරිමට පළතුරු හතක්ද ,හදුන්කුරු ,කපුරු යනාදිය සකස් කර ගත්තාය.මාමාගේ වෑන් රථයෙන් අපි බම්බාව විහාරයට යෑමට පිටත් වුණෙමු. අපේ ගෙදර සිට විහාරයට 1km කි.අප විහාරයට යන විට බොහෝ සෙනගක් පන්සල් භුමියේ සිටියහ.සැවොම සුදු වර්ණයෙන් දිස්වුණි.පෙරහැරේ නැටුම් කණ්ඩායම් ,අලි ඇතුන්, කස කරුවන් පෙරහැරට සුදානම් වී තිබුණි.


            විහාරයට ප්‍රවිශ්ඨ වන ස්ථානයේ දකුණු දෙසින් ඇති චෛත්‍යය වෙනදාට වඩා විදුලි බල්බ වලින් අලංකාරයෙන් දිස්වුණි.අපි පළමුවෙන්ම ගියේ අයියාගේ භාරය  ඔප්පු කිරීමටය. අම්මා පළතුරු වට්ටිය කපු මහතා අතට භාරය පිළිබඳව අදහස් දැක්විය.කපු මහතා පළතුරු වට්ටිය ගෙන ගොස් දෙවියන්ට පුජා කළේය.අපි වැදගෙන සිටින ආකාරය දැක නැන්දාත් මාමත් සුදු නෝනා අක්කත් අපව අනුකරණය කරන්නට විය.
   කපු මහතාගෙන් පළතුරු වට්ටිය ඉල්ලගෙන..අය අපි ගියේ විහාර ගෙටය. එහිදී සුදුනෝනා අක්කත් මමත් හවස කඩපු මල් පුජා කළෙමු. විහාරයේ පැත්තක ඉදගෙන අපි ගාථා කියමින් බුදුන් වන්දනා කළෙමු.

            අපි බුදුන් වන්දනා කිරිමෙන් අනතුරුව පන්සලේ පැත්තකින් ඇති වැව් බැම්මට ගොඩ වුණෙමු.එතනදී හමා එන සිසිලසත්, පන්සලේ ඇති සුන්දරත්වයත් හිතට සුවදායක බවක් ගෙනදුනි.අම්මා අයියාගේ භාරය ඔප්පු කල පළතුරු අනුභව කරන්නට පළතුරු වට්ටිය අපට දුන්නාය.අපි සැවොම පළතුරු රස වින්දෙමු.



 අද භාර ඔප්පු කරන්න කට්ටිය ගොඩයි නේද.?.නංගී මාමා අම්මාගෙන් ඇසිය.

ඔව් අයියේ.,මේ දවස්වල කොහොමත් භාර ඔප්පු කරන දවස්නේ..ඒ නිසා අද සෙනග වැඩි
 
   ආ...නැන්දේ මේ දේවාලේ මොන දෙවියන්ද වැඩ හිදින්නේ ..?

  ගලේ බණ්ඩාර දෙවියන් තමා වැඩ ඉන්නේ..සුදුනෝනා .මේ දේවාලේ අද ඊයේ දේවාලයක් නෙමේ පුරාණ කාලයේ ඉදලා තිබිලා තියෙනවා .

 එතකොට අම්මේ..පන්සලත් පුරාණ කාලයේ ඉදලාද තියෙන්නේ ..?
 
 ඔව් චුටි, මේ පන්සල හදලා තියෙන්නේ වලගම්බා රජතුමානේ.

අනේ ..! නැන්දේ ඒ ගැන විස්තර කියන්නකෝ.
   සුදුනෝනා අක්කා පළතුරු කන ගමන් අම්මාගෙන් ඒ ගැන තවත් ප්‍රශ්න ඇසිය.

 අනුරාධපුර රාජධානිය තියන දවස්වල වලගම්බා රජු බලය හිමි කර ගන්නවා.ඒ වුණාට සුදුනෝනා මේ රජුට රාජ්‍ය කරගෙන යන්න බැරි වෙනවා. විවිධ ආක්‍රමණයන් ,දුර්භික්ෂයන් එහෙම තිබිලා තියෙනවා.ඒ කාලේ ආපු දකුණු ඉන්‍දිය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගන්න වලගම්බා රජු මාතලේ ප්‍රදේශයේ ගල් ගුහාවල ඉදිමින් අවුරුදු 14 මාස 7ක්ම සේනා සංවිධානය කරලා තියෙනවා.ඉතින් පුතේ , ඒ විදිහට සේනා සංවිධානය කරන්න මේ විහාරයේ ගල්ලෙනද යොදාගෙන තියෙනවා .පස්සේ සෝළින් පරාජය කළාට ඒ රජු තමාට උදව් වුණ සෑම ගල් ගුහාවක්ම විහාරයක් බවට පත් කරලා තියෙනවා.ඒ විදිහට තමයි සුදුනෝනා මේ පන්සලත් වලගම්බා රජතුමා හදලා තියෙන්නේ.

අනේ.. එහෙමද ෂෝක් නැන්දේ ඒ කතා අහද්දි ආස හිතෙනවා.

 මේ ගල්ගුහාව විතරක් නෙමෙයි සුදුනෝනා දඹුල්ල ගල්ලෙනද වලගම්බා රජුට සේනා සංවිධානයට උදව් වෙලා තියෙනවා.ඒ විහාරයත් හදලා තියෙන්නේ වලගම්බා රජතුමා තමයි.සුදුනෝනා තව වලගම්බා රජතුමා මේ බම්බාව ගල්ලෙනේ ඉදලා දඹුල්ලේ ගල්ලෙනට යන්න උමං මාර්ගයක්ද හදාගෙන තියෙනවා .ඒ උමග මේ විහාරේ තියෙනවා.

 අනේ..,නැන්දේ මට ඒ උමග බලන්න ආසයි .අපි යමුකෝ චුටි ඒ උමග බලන්න.

  එන්න සුදුනෝනා මං පෙන්නන්නම්..
අයියා සුදුනෝනා අක්කත්, මාවත් එක්කගෙන ඒ උමග පෙන්නන්නට ගියේය.

 මටත් හරි පුදුමයි..අපේ මේ පන්සලේ මෙච්චර ඓතිහාසික පසුබිමක් තිබිලත් අද තමයි මමත් ඒ ගැන වැඩි විස්තරයක් දැන ගත්තේ.

 සුදුනෝනා මේ තමයි ඒ උමග ..ඒ ව්තරක් නෙමේ, බම්බාව රජ මහා විහාරය වලගම්බා රජතුමාගෙනුත් තවත් අතීතයට තියෙනවා නංගි..



 ඒත් මේ විහාරය ගැනද අයියා..ඒ කතාවත් කියන්නකෝ.

ඔව් චුටි.,මේ බම්බාව ගැන තවත් ඓතිහාසික කතාවක්.ඉස්සර මේ පැත්තෙ ඉදලා තියෙන්නේ යක්ෂ ගොත්‍රික කණ්ඩායම්.මේ ගමේ නම බම්බාවනේ..ඉතින් චුටි මේ බම්බාව කියලා නම හැදිලා තියෙන්නේ බම්බා කියලා රජ කෙනෙක් මේ ප්‍රදේශය පාලනය කල නිසාලු.ඒ රජුගේ දුව කවුද කියලා දන්නවාද ..?.
 
පුතාලා තාම ඔතනද..අපි යමු නේද පෙරහැර බලන්න තැනක් හොයා ගන්නත් එපැයි ..

 හරි තාත්තේ අපි එන්නම්...අපි එනකල් තාත්තලා යමු..

 ඉතින් කවුද අයියේ අර බම්බා රජුගේ දුව...?.

ඒ කවුරුත් නෙමෙයි සුදුනෝනා .. ඒ තමයි කුවේණි.කුවේණිගේ උපන් ගම තමා මේ ගලේවෙල බම්බාව .විජය කුමාරයා ලංකාවට ඇවිත් විවහා කර ගත්තේ ඈ තමයි.එතකොට සුදුනෝනා  බම්බා රජුගේ සහෝදරයා තමයි හොම්බා .ඔහු පාලනය කළ ප්‍රදේශය හදුන්වන්නේ හොම්බාව කියලා.අපේ ගමට අල්ලපු  ගම තමා  සුදුනෝනා හොම්බාව කියන්නේ..

 එහෙමද..අයියා එතකොට අපි ඉස්සර ඉදන් පැවතගෙන එන්නෙත් යක්ෂ ගොත්‍රිකයන්ගෙන් නේද?

 ඔව් චුටි එන්නකො ..යන්න තව තැනක් තියෙනවා බලන්න.කුවේණි මස් පුච්චද්දි දුම් වැදුණු ගල තියෙනවා ..

 අපි ඉක්මණට එතනත් බලලා යමු....අයියේ.අම්මලා බලාන ඇති එනකල්..

ඒකතමා චුට් ..අපි එකත් බලලා ඉක්මණට යමු.අර බලන්න අතන ගලේ දුම් වැදිලා කලු වෙලා තියෙන්නේ.කුවේණි එතන තමා මස් පුච්වලා තියෙන්නේ.

එතකොට අයියේ ..ව්ජය කුමාරයා ලංකාවට එද්දී කුවේණි හිටියේ තම්බපණ්ණියේ නේද ..?

ඔව් නංගී ඒ වෙනකොට කුවේණි ඒ පැත්තේ ඉන්න ඇති..ඒ වුණාට කුවේණිගේ උපන් ගම මෙහේ..මේ.. අපි දැන් යමු නේද?..

අයියත්, සුදුනෝනා අක්කත්, මාත් බම්බාව විහාරය ගැන ගොඩක් තොරතුරු කතා කරන ගමන් අම්මලා ඉන්න තැන සොයා ව්හාර භුමියෙන් පිටතට ගියෙමු.පෙරහැර ආරම්භ වුණි. පෙරහැරේ නැටුම් ඉතා අලංකාරය.සියලු දෙනාම අවසානය දක්වාම පෙරහැර සතුටින් රස වින්දෙමු.පෙරහැර අවසානයේ මල් වෙඩි සංදර්ශනයක්ද තිබුණි.ඒ සියල්ල බලා අපි සැවොම ගෙදර ආවෙමු ..

ඊලග පාරත් අපි පෙරහැර බලන්න නැන්දලා ගෙදර එමු තාත්තේ ..ඔන්න දැන්ම කියලා තියෙන්නේ ...

 හරි හරි ඊලග අවුරුද්දේත් අපි එමුකෝ..

සුදුනෝනා අක්කාගේ ඉල්ලීට මාමා එකග විය.එදින අප නින්දට යන විට ගොඩක් කාලය ගත වී තිබුණි.
                                          මම එදින ගලේවෙල බම්බාව රජ මහා විහාරය ගැන තොරතුරු ගොඩක් දැන ගත්තෙමි.අප නොදන්නා ඓතිහාසික ස්ථාන කෙතරම් ලංකාව තුළ තිබේද ?.මා එදින නින්දට ගියේ තවත් ඓතිහාසික තොරතුරු සොයා ගත යුතුය යන බලාපොරොත්තුවෙනි.




පී.ජී.එම්.ඩී විජේරත්න.
HS/2015/1145
සම්ප්‍රදායික සන්නිවේදනය.



 









 

Monday, 23 July 2018

ගම්මානයක අසිරිය ..

                                                                                     
                   

                         
                     

මතට තිත..

   
                       සමාජයේ ජිවත්වෙන සෑම පුද්ගලයෙක්ම සතුටින් කාලය ගත කිරීමට කැමතිය.වර්තමාන ජිවිතයේ සතුට මියැදෙන ප්‍රධාන බාධාවක් වන්නේ මත්ද්‍රව්‍ය වේ.තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ අත්හදා බැලිම් නිෂ්පාදනය කරයි.එසේ නිෂ්පාදනය වු දෙයක් ලෙස මත්ද්‍රව්‍ය හදුනගත හැක.කෙනෙක් මෙය යහපතට යොදා ගත්තද තවත් කෙනෙක් එය අයහපතට යොදා ගනියි.මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් පොහොසත් වන අතර භාවිතා කරන්නන් විනාශයට පත් වේ.
                              සංවර්ධය වන රටක මත්ද්‍රව්‍ය රටේ අනාගතයට බාධාවකි. වර්තමානයේ පවුල් පසුබිම බ්දවැටිමට ප්‍රධාන හේතුව මත් රකුසයි. සැබැවින්ම එය රකුසෙකි.රටේ වැඩිහිටි පිරිමි හා තරුණයන් බහුලව මත් රකුසාට ගොදුරු වේ.නිවසේ පියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විමෙන් නිවසේ සතුට ගිහිලි ගොස් තිබේ.පියා මත් වතුර ගැනිමෙන් දිනපතා මව සමග රණ්ඩු කරයි.මේ සියල්ලෙන් පීඩා විදින්නේ මව්වරුන්ය.මෙවැනි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද බිදවැටේ.මෙසේ මත්රකුසාට ගොදුරුව ඇති පවුල් බොහොමයක් ලංකාව තුළ දැකගත හැක.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයාට දිනපතා ඒවා අවශ්‍ය වේ.එදිනෙදා කුලිවැඩ කර උපයාගත් මුදල මත්ද්‍රව්‍ය වලට යොදවයි.නිවසේ අගහිගකම්වලට මුදල් නොයොදා තම අභිප්‍රාය ඉටු කරගනි.මුදල් තම අත නොමැති කල නිවසේ ඇති සම්පත් විකුණා තම අවශ්‍යතාවයට මුදල් සොයා ගනියි.මෙවැනි පවුල් අද සමාජයේ දැකගත හැකිය.දිගුකාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් ව්ව්ධ රෝගබාධයන්ට ලක් වේ.මෙමඟින් ද දුක් විදින්නේ බිරිඳ හා දරුවන්‍ ය.සමාජයේ ඇති මෙවැනි පවුල් හදුනා ගෙන සුදුසු පියවරක් ගත යුතුය .ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කල යුතුය.වර්තමානයේ වැඩිහිටි පිරිමි පමණක් නොව පාසල් වියේ යොවුන් දරුවන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි ඇත.විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පාසල් ව්යේ දරුවන් අතර ප්‍රචලිතය.පාසල් වියේ යොවුන් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව මෑත කාලයේ ප්‍රවෘත්තිවලින්ද අපට අසන්නට ලැබුණි.මුලින්ම වෙනත් කෙනෙක්ගෙන් ලැබුණු මත්ද්‍රව්‍යවලට පුරුදු වු දරුවා පසුව මුදල්වලට මත්ද්‍රව්‍ය ලබා ගැනිමට පෙළඹේ.මත්ද්‍රව්‍ය වලට දරුවා ඇබ්බැහි වු කල එයින් මුදවා ගැනිමට අපහසුය.මත්ද්‍රව්‍ය මිළ දි ගැනිමට මුදල්  නොමැති කල දරුවා සොරකම් කිරීමට පෙළඹේ.මත් රකුසාත් සමග දරුවා වැරදි ක්‍රියා වලට නැඹුරුවෙයි.පාසල් වියේදීම වැරදි ක්‍රියාවලට යොමු විමෙන් අනාගතය ඉතා දුක්බර වේ.අධ්‍යාපන කටයුතු බිදවැටේ.මේ සියල්ල සිදු වන්නේ මත්ද්‍රව්‍යවලට ගොදුරු විමෙනි.ඒ සදහා පාසල් මට්ටමෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට වැඩ පිළිවෙළක් ගත යුතුය.දෙමාපියන්ද තම දරුවන් නිවැරැදි මාර්ගයට ගැනිමට කටයුතු කල යුතුය.
                        මත්ද්‍රව්‍ය නිෂ්පාදනය අලෙවි කරන්නන් විශාල මුදලක් උපයා ගනියි.ඔවුන් ධනවතුන් වෙති.ඇතැම් විට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් අතර කාන්තාවන් ද සිටියි.මත්‍ රකුසාට ගොදුරු පුද්ගලයාගේ අවසානය ඉක්මන් මරණයයි.මත් රකුසා ඉතා බියකරුය.එයට ඇබ්බැහි වු කල එයින් මිදීමට නොහැක.සංවර්ධන වෙමින් පවතින රටක් විදිහට මගේ රට්නි මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අප සියලු දෙනා එකතු විය යුතුය.මේ සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු වේ. මත්ද්‍රව්‍ය අප සමාජයෙන් තුරන් කිරීම අප සැමගේ යුතුකමක් නොව වගකිමකී.

Sunday, 15 July 2018

දුරකථන මාරයා..

 
       වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ලෝකයේ ප්‍රධාන සන්නිවේදන උපකරණයක් බවට දුරකථය පත්ව ඇත. අතීතයේ පණිවිඩයක් ,තොරතුරක් තවත් පාර්ශවයෙකුට ලබා දිමට සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම යොදා ගත්තද අද වන විට ප්‍රධාන වශයෙන්  දුරකථනය යොදා ගනියි.හුදෙක් මිනිසාගේ වෙහෙස, මහන්සිය නිමවා ව්නෝදාස්වාදයෙන් සිත මුසපත් කිරීමද දුරකථනයෙන් සිදු වේ.අද වන විට මිනිසාගේ හොඳම හිතවතා බවට දුරකථනය පත්ව තිබේ.
                            දුරකථනය  විටෙක මිනිසාගේ මිත්‍රයා වුවත් තවත් විටෙක මිනිසාගේ මාරයා විය හැක. අතීතයේ ආදරය කරන දෙදෙනෙක් තම ආදරය අනෙකාට පැවසිමට ආදර හසුන් ලියන ලදී.පොඩි කවියකින් ,නිසදෑසකින් ඒ ලියන හසුන අලංකාර විය.නමුත් අද පෙම්වතුන් පෙම් හසුන් ලියන්නෙ නැත.ඔවුන්ගේ ආදරය ගලන මාධ්‍ය  වන්නේ දුරකථනයයි.දුරකථනයෙන් යවන කෙට් පණිවිඩය ඔවුන්ගේ ආදරය විය.අද සමාජයේ මිනසා මේ නිසාම කවියෙන් නිසදෑසින් ඈත් වි ඇත.දුරකථනය නිසා මිනිසාගේ පරිකල්පන හැකියාව අහිමි ගොස්ය.නිර්මාණාත්මක හැකියාව නැත.තම සෑම කටයුත්තක්ම දුරකථනය ඔස්සේ සිදු කරයි.ඒ තරමට අද වන විට තාක්ෂණය දියුණුය.මිනිසා නිවසේ බිල්පත් ආදිය නිවසේ සිටම දුරකථනය ඔස්සේ ගෙවිම් කටයුතු සිදුකරයි. නිවසේ සිට තම කටයුතු සිදු කලද මිනිසා සමාජයෙන් දුරස්ව ඇත.වර්තමානයේ සිදු වන සියදිවි නසා ගැනිම් වැනි මරණ වාර්තා විමට ප්‍රධාන හේතුව දුරකථන මරයාය.දුරකථනය ඔස්සේ සමාජ ජාලා, facebook,twitter ,skype ,viber හා whatapp ආදි නව මාධ්‍යයට පිවිසිමෙන් තම පෞද්ගලිකත්වය අන් අයට ව්වර කරයි.තරුණ තරුණියන් ජායාරූප ,පෞද්ගලික තොරතුරු මුහුණු පොතේ සටහන් කිරිමෙන් ඒ හා හමුවෙන මිත්‍රයන් සමග ඒවා බෙදා ගැනිමෙන් තම විනාශයට මග පාදා ගනියි.එසේ හමුවන ම්ත්‍රකම මරණය දක්වා යන්නේ දුරකථනය නිසාවෙනි.විවාහක පිරිස අනියම් සබඳතා ගොඩ නගා ගන්නේද මෙම සමාජ ජාලාවලට පිවිසිමෙනි.පවුල් ජිවිත පවා විනාශයට පත්ව ඇත්තේ මෙම දුරකථනය මගිනි.
                                             වර්තමානයේ පාසල් දරුවන්ගේ සිට වයසින් වැඩි පුද්ගයා දක්වා දුරකථන භාවිතය දැකගත හැක.දුරකථනයෙන් මිනිසාට වන බලපෑම ප්‍රබලය.ළමුන් අධ්‍යාපන කටයුතු සදහ ද දුරකථනය යොදා ගනියි.තවත් විටෙක එය අධ්‍යාපනයේ ව්නාශය වේ.දුරකථනය ඔස්සේ අන්තර්ජාලයෙන් අධ්‍යාපනික තොරතුරු ලබා ගත හැක.නමුත් දුරකථනය මගින් වැරදි මාර්ගයට නොගොස් යහපත් දේ සදහා යොදා ගැනිම වැදගත් කරුණකි.අධ්‍යාපනයේදි ගණිත ගැටලු විසඳීමට දුරකථන ගණක යන්ත්‍රය යොදා ගනියි.මෙහිදී දරුවාට පහසුවෙන් ගැටලුව විසදාගත හැකි වුවත් දරුවාගේ බුද්ධිය වර්ධනය වන්නේ නැත.එහෙයින් ළමුන් සදහා දුරකථනය ලබා දීම සුදුසු නොවේ.එය දෙමාව්පියන්ගේ වගකිමකී.
                   අතීතයේ තරුණ පිරිස් ,ළමා පරපුර විවේකයක් ලැබෙන වේලාවට ක්‍රිඩා පිටියේ කණ්ඩායම් බෙදී සෙල්ලම් කරයි.නමුත් අද එසේ ක්‍රිඩා කිරිමට වේලාවක් නැත.නිදහසක් ලැබෙන වේලාවට පුරුදුව ඇත්තේ දුරකථනයේ ඇති ක්‍රිඩාවල යෙදෙන්නය.කණ්ඩායම් හා ක්‍රිඩා කිරිආමේදී තරුණ පිරිස් අතර පෞරුෂ වර්ධනය ,නායකත්වය හා සාමුහික  වැඩ කිරීම ආදි ගුණාංග වර්ධනය වේ.නමුත් දුරකථනය හේතුවෙන් අද ගුණාංග දරුවන් තුළ නැත.මේ සියල්ල වෙනස්ව ඇත්තේ දුරකථනය හේතුවෙනි.දුරකථනය මගින් ඇති පහසුකම් නැතුවාද නොවේ.එහෙයින් ඇතිවන බලපෑම ප්‍රබල වේ.එහෙයින් තම අවශ්‍යතාවයට අනුව නිවැරැදිව දුරකථනය භාවිතා කිරීම අප සතු යුතුකමකි.තාක්ෂණය දියුණු විම නිසා අනාගත පරපුර ඒ තාක්ෂණයට ඔබින පුද්ගලයෙක් බිහි විම මිස නිර්මාණශීලී පුද්ගලයෙක් බිහි නොවේ.
                                   ~මධූ~

Thursday, 12 July 2018

අාදරය....

      

     සවන අසා සිටින්නේ ඇසෙන තුරු ඔබේ    හඩ      
     දෑස බලා සිටින්නේ දකින තුරු ඔබේ         රුව          
     මුවග කොදුරන්නේ නිරතුරු  ඔබේ            නම         
     මගේ හද නැවතිලා අද ඔබේ හදවත           ළඟ


   



  







   

         

Saturday, 7 July 2018

දියවැඩියාව..

                                                                                                                                                                සමාජයේ පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන රෝගයක් ලෙස "දියවැඩ්යාව" හදුනාගත හැක.රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය නියත මට්ටමට වඩා ඉහළ යාමෙන් දියවැඩියා රෝගය වැලදේ.මෙම රෝගය වර්ග 2කි.එනම් ,ඉන්සියුලින් අවශ්‍ය දියවැඩියාව හා ඉන්සියුලින් අවශ්‍ය නොවන දියවැඩියාව ලෙසය.මෙම රෝගය නිට්ටාවට සුව කල නොහැකි අතර ඒ සදහා ඖෂධ හා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.ආහාර පාලනය හා ව්‍යායාම වල යෙදිමෙන් රෝගය අවම කරගත හැක.                                          
                                රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය නියත මට්ටමක පවත්වා ගැනිමට ව්ධ්මත් පාලනයකින් ආහාර ගැනිම ඉතා වැදගත්ය.සිනි සහිත ආහාර ගැනිමෙන් වැලකි සිටිම.එහිදී සිනි සහිත ආහාර ජිර්ණයෙන් ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වී රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරයි.ඒනිසා එවැනි ආහාර ලබා දිම සුදුසු නොවේ.චොකලට් ,පුඩින්,පැණි බිම වර්ග ,සම්පුර්ණ යොදය සහිත කිරි,බටර් හා බිත්තර කහ මද ආදි ආහාර ආහාරවේලට එක්කර නොගැනිම වැඩි පිෂ්ටය හා වැඩි කෙදි ප්‍රමාණ වලින් යුතු ආහාර ගැනිම.එහිදී කෙදි සහිත ආහාර ජිර්ණය විම ප්‍රමාද වන හෙයින් පිෂ්ඨය ග්ලුකෝස් බවට හරවා ඉතා සෙමෙන් සමතුලිතව රුධිරයට උරා ගැනිමට උපකාරී වේ.ආහාර වේලේ වැඩි කෙදි ප්‍රමාණයක් ඇති විට ආහාර වල අමතරව බර ප්‍රමාණය වැඩි විම නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් කුසගින්න සංසිදුවා ගත හැක. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු හා අඩු මේද ප්‍රමාණයක් අන්තර් ගත ආහාර ගැනිම යෝග්‍ය වේ.මේද ආහාර අතර සත්ව මේද ආහාර ගැනිමෙන් වැලකිය යුතුය.රතු කැකුලු,කඩල,උලුඳු පිටි ආහාර ,කුරක්කන් ,හාල් පිට් ආහාර ,මේද රහිත කිරි හා බිත්තර  සුදු මදය වැනි ආහාර ආහාරයට එක් කර ගැනිම යෝග්‍ය වේ.                                               

               රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය නියත මට්ටමක පවත්වා ගැනිමට ව්ධ්මත් පාලනයකින් ආහාර ගැනිම ඉතා වැදගත්ය.සිනි සහිත ආහාර ගැනිමෙන් වැලකි සිටිම.එහිදී සිනි සහිත ආහාර ජිර්ණයෙන් ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වී රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරයි.ඒ නිසා එවැනි ආහාර ලබා දිම සුදුසු නොවේ.චොකලට් ,පුඩින්,පැණි බිම වර්ග ,සම්පුර්ණ යොදය සහිත කිරි, බටර් හා බිත්තර කහ මද ආදි ආහාර ආහාර වේලාට එක්කර නොගැනිම වැඩි පිෂ්ටය හා වැඩි කෙදි ප්‍රමාණ වලින් යුතු ආහාර ගැනිම.එහිදී කෙදි සහිත ආහාර ජිර්ණය විම ප්‍රමාද වන හෙයින් පිෂ්ඨය ග්ලුකෝස් බවට හරවා ඉතා සෙමෙන් සමතුලිතව රුධිරයට උරා ගැනිමට උපකාරී වේ.ආහාර වේලේ වැඩි කෙදි ප්‍රමාණයක් ඇති විට ආහාර වල අමතරව බර ප්‍රමාණය වැඩි විම නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් කුසගින්න සංසිදුවා ගත හැක. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු හා අඩු මේද ප්‍රමාණයක් අන්තර් ගත ආහාර ගැනිම යෝග්‍ය වේ.මේද ආහාර අතර අතර සත්ව මේද ආහාර ගැනිමෙන් වැලකිය යුතුය.රතු කැකුලු,කඩල,උලුඳු පිටි ආහාර ,කුරක්කන් ,හාල් පිට් ආහාර ,මේද රහිත කිරි හා බිත්තර  සුදු මදය වැනි ආහාර ආහාරයට එක් කර ගැනිම යෝග්‍ය වේ.
                        ව්‍යායාම මගින්ද දියවැඩියාව රෝගය පාලනය කර හැකිය.ව්‍යායාම කිරිමේදී  ශරිරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ රුධිරයේ ඇති ග්ලුකෝස් මගිනි.එවිට රුධිරයේ සිනි මට්ටම අඩු වෙයි.මේ ආකාරයට දියවැඩියාව රෝගය වැලදිම වලක්වා ගැනිමටත් රෝගය අවම මට්ටමක තියා ගැනිමටත් අපට හැකියාව ලැබේ.

සාරධර්ම සුරකිමු

                 දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම  කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...